සිංහල භාෂාවෙන් පවත්වන සමාජ දිශානති පාඨමාලාව සඳහා ලියාපදිංචිය 29.6.2026 දින ආරම්භ වේ

ඔබ මෑතකදී ෆින්ලන්තයට පැමිණියාද? නැත්නම් ඔබ දිගු කාලයක් ෆින්ලන්තයේ ජීවත් වී සිටියත්, තවමත් ෆින්ලන්ත සමාජය, රාජ්‍ය සේවාවන් සහ එදිනෙදා ජීවිතය පිළිබඳ වැඩිදුර දැනුම අවශ්‍යද?
මෙම සමාජ දිශානති පාඨමාලාවේදී ඔබට ෆින්ලන්තයේ ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු ලැබෙන අතර, හැමේන්ලින්නා නගරය පිළිබඳවද දැන ගැනීමට අවස්ථාව ලැබේ. එහිදී ෆින්ලන්ත සමාජය සහ රාජ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය, ඔබගේ අයිතිවාසිකම් සහ වගකීම් මෙන්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරුද ඉගෙන ගනු ඇත.
මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. හැකි සෑම අවස්ථාවකම එය ඔබගේ මව්භාෂාවෙන් හෝ ඔබට හොඳින් තේරෙන වෙනත් භාෂාවකින් පැවැත්වේ.
2026 සරත් සමයේ පාඨමාලාව
පාඨමාලා කාලය: 2026 සැප්තැම්බර් 7 සිට දෙසැම්බර් 11 දක්වා
ලියාපදිංචි වීමෙන් පසු අයදුම්කරුවන්ගෙන් කොටසක් කෙටි තේරීම් සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලැබේ. ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගනු ලැබුවහොත් ඒ සඳහා වන ආරාධනය ඔබට විද්‍යුත් තැපෑල (email) මඟින් ලැබේ. පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබුවහොත්, පුහුණුකරු විසින් පාඩම් පැවැත්වෙන නිශ්චිත දින සහ වේලාවන් ඔබට දැනුම් දෙනු ඇත.
පාඨමාලාව සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න: සිංහල සමාජ දිශානති පාඨමාලාව
කරුණාකර 2026 අගෝස්තු 19 දිනට පෙර ලියාපදිංචි වීමට අමතක නොකරන්න.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න
Sureshika Wadumesthrie
sureshika.wadumesthrie@hameenlinna.fi
+358406307733

